ඉන්දුනීසියානු රජය විසින් පාසල් ළමුන් වෙනුවෙන් නොමිලේ ලබාදෙන ආහාර වේලක් අනුභව කිරීමෙන් පසු සිදුවූ ආහාර විෂවීමක් හේතුවෙන් සිසුන් 512කට වැඩි පිරිසක් රෝහල්ගත කර තිබේ.
නැගෙනහිර ජාවා හි සිඩෝආර්ජෝ (Sidoarjo) කලාපයේ පෞද්ගලික ආගමික පාසලක සිසුන් පිරිසක් ඊයේ (01) ලබාදුන් දහවල් ආහාරයෙන් පසු ක්ලාන්තය සහ වමනය වැනි ලක්ෂණ පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩිපිරිසක් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර 80 දෙනෙකු පමණ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මෙම අවාසනාවන්ත සිද්ධියත් සමඟ අදාළ කෑම පිළියෙල කළ මුළුතැන්ගෙය දින 30කට වසාදමා පරීක්ෂණ ආරම්භ කර ඇත. ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ (Prabowo Subianto) විසින් ළමා මන්දපෝෂණය නැති කිරීමට ඇරඹූ මෙම නොමිලේ ආහාර දීමේ ව්‍යාපෘතිය, මීට පෙරද ආහාර විෂවීම්, දූෂණ චෝදනා සහ අධික පිරිවැය හේතුවෙන් දැඩි විවේචනයට ලක්ව තිබිණි.













