දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී අලුතින් උපත ලැබූ නයිල් හිපොපොටේමස් (Nile hippopotamus) පැටවා සඳහා සුදුසු නමක් යෝජනා කිරීමේ අවස්ථාව මහජනතාවට සහ සත්ව ලෝලීන්ට හිමිව තිබේ.
සත්වෝද්‍යාන පාලනාධිකාරිය විසින් අන්තර්ජාලය ඔස්සේ විශේෂ ගූගල් ෆෝම් (Online Form) පත්‍රිකාවක් නිකුත් කර ඇති අතර, ඒ ඔස්සේ ඕනෑම අයෙකුට තමන් කැමති නමක් යෝජනා කළ හැක. සත්වෝද්‍යානයට එකතු වූ මෙම නවතම සාමාජිකයා වෙනුවෙන් ජනතා සහභාගීත්වය ලබාගැනීම සහ සත්ව ලෝලීන් ඒ සඳහා දිරිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. කැමැත්තක් දක්වන පිරිස්වලට නිල ගූගල් ෆෝම් සබඳතාව (https://forms.gle/TE1LVndMqtBMva1fA) ඔස්සේ තොරතුරු ඇතුළත් කර නම යෝජනා කළ හැකිය.












