භූතානයේ ‘Global Conscious Food Systems Summit 2026’ සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා එහි ගොස් සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ භූතාන අග්‍රාමාත්‍ය දාෂෝ ෂෙරින් ටොබ්ගේ (Dasho Tshering Tobgay) මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් තිම්පු නුවරදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි. අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළෙඳ, සංචාරක, ගුවන් සේවා සබඳතා මෙන්ම දෙරටේ ජනතාව අතර පවතින සබඳතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද දෙරටේ නායකයින් අදහස් හුවමාරු කරගෙන ඇත. මීට අමතරව කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීම, වනාන්තර විනාශය වැළැක්වීම, පරිසර සංරක්ෂණය සහ සුරක්ෂිත තිරසාර සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට දෙරටේ නායකයින් මෙහිදී එකඟතාව පළ කරති.














