අකුරැස්ස, තෙලිජ්ජවිල ප්‍රදේශයේදී වයස අවුරුදු 9ක පිරිමි ළමයෙකු පැහැරගෙන යාමට උත්සාහ කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා ලබන සැප්තැම්බර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ ළමයා නිවසේ සෙල්ලම් කරමින් සිටියදී සැකකරුවන් නිවසට ඇතුළු වී ඔහුගේ දෑත් රෙදි කැබැල්ලකින් බැඳ පැහැරගෙන යාමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාලිම්බඩ සහ හුලංදාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














