රිදීමාලියද්ද, කුරුවිතැන්න ප්රදේශයේ පිහිටි ගෝනගල කන්දේ ඊයේ (01) රාත්රියේ හටගත් දැවැන්ත ගින්න අක්කර 200ක පමණ භූමි ප්රමාණයක පැතිර ගොස් ඇති බව ප්රදේශවාසීන් පවසයි.
ලෝග්ගල්ලා ඔය ජලාශය මායිමේ පිහිටි මෙම කඳු වැටියේ වන සතුන් විශාල ප්රමාණයක් වෙසෙන අතර, දඩයක්කරුවන් විසින් සතුන් දඩයම් කිරීමේ අරමුණින් මෙලෙස ගිනි තබන්නට ඇති බවට ප්රදේශවාසීන් සැක පළ කරයි. රාත්රී කාලයේ ගින්න නිවා දැමීමට කිසිදු බලධාරියෙකු පැමිණ නොසිටි බවත්, මේ වන විට ගින්න ස්වාභාවිකව පාලනය වී තිබුණද තැනින් තැන සුළු වශයෙන් පැතිර යමින් පවතින බවත් වාර්තා වේ. කෙසේ වෙතත්, ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සඳහා මේ වන විට අදාළ නිලධාරීන් කටයුතු කරමින් සිටියි.














