රට පුරා ක්‍රියාත්මක කළ අඛණ්ඩ මදුරු මර්දන වැඩසටහන් හේතුවෙන් මෙතෙක් 175ක්ව පැවැති ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස සංඛ්‍යාව 50 දක්වා පහළ බැස ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන නිවේදනය කරයි.
වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් ඩෙංගු ආසාදිතයන් 95,606ක් සහ මරණ 72ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ, කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්කවලින් වාර්තා වේ. පිරිමි පාර්ශ්වයට ඩෙංගු වැළඳීමේ ප්‍රවණතාව වැඩි වුවද වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කාන්තාවන් අතරිනි. පරීක්ෂා කරන ලද පාසල් පරිශ්‍රවලින් 39.2%ක සහ රජයේ ආයතනවලින් 25.2%ක මදුරු කීටයන් සිටි බව සොයාගෙන ඇති අතර, වැහි පිහිලි ආශ්‍රිතව වැඩි වශයෙන් මදුරුවන් බෝවන බව කීට විද්‍යාඥයන් පෙන්වා දෙයි.















