2026 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දෙමළ මාධ්‍යයෙන් දිවයිනේ ප්‍රථමයාවීමට යාපනය, මල්ලාකම් පිහිටි තංගම්මා අප්පාකුට්ටි කණිෂ්ඨ විද්‍යාලයේ සුරේන්දර් සබීන් සිසුවා සමත්ව තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි අදාළ විද්‍යාලයේ දරුවෙකු ශිෂ්‍යත්ව විභාගයෙන් මෙලෙස ඉහළම ප්‍රතිඵල වාර්තා කළ පළමු අවස්ථාව මෙය වන අතර, ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 188කි.
ඉකුත් අගෝස්තු 09 වන දින පැවති මෙම විභාගය සඳහා සිසුන් 289,867 දෙනෙකු පෙනී සිටි අතර, මෙවර කඩයිම් ලකුණු 139ක් ලෙස සටහන් විය. ප්‍රතිඵල අනුව සිසුන් 56,000කට වැඩි පිරිසක් කඩඉම් ලකුණ ඉක්මවා යාමට සමත්ව ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.














