ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නායක කුසල් මෙන්ඩිස් කිසිදු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමෙන් තොරව එංගලන්ත සංචාරය සඳහා නම් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.
සාමාන්‍යයෙන් ආබාධයකට ලක්වන ක්‍රීඩකයෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලට යොමු කර නිරවද්‍යතාව තහවුරු කර ගැනීම ජාතික තේරීම් කමිටුවේ ප්‍රතිපත්තිය වුවද, සංචිතය නම් කරන විටත් ඔහු එවැනි අභ්‍යාසවලට ඉදිරිපත්ව නොසිටි බව සඳහන් වේ. ලබන 15 වැනිදා ආරම්භ වන පළමු විස්සයි විස්ස තරගයට පෙර එංගලන්තයේදී පැවැත්වෙන පුහුණු තරග දෙකට ක්‍රීඩා කිරීමෙන් පසු ඔහුගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.














