2026 වසරේ ජූනි මස 30 වැනිදා වන විට මෙරටට වාහන 316,000ක් ආනයනය කර ඇති අතර, ඒ ඔස්සේ රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇති බව පාර්ලිමේන්තුවේ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාව හමුවේ අනාවරණය වී තිබේ.
රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පෙන්වා දුන්නේ, 2026 ජූනි 30 වන විට අපේක්ෂිත රේගු ආදායම වූ රුපියල් මිලියන 1,060,559 සපයමින් රුපියල් මිලියන 1,379,084ක් උපයා ගැනීමට හැකි වූ බවයි. මෙය අපේක්ෂිත ආදායමට සාපේක්ෂව 130%ක ප්රගතියකි. ලැබුණු බදු ආදායමෙන් වැඩිම මුදලක් වන රුපියල් මිලියන 386,726ක් මෝටර් රථ ආනයනයෙන් ලැබී ඇති අතර, එන්ජින් ධාරිතාව 1000ccට අඩු පෙට්රල් මෝටර් රථ ආනයනයෙන් පමණක් රුපියල් බිලියන 137.4ක ආදායමක් වාර්තා වී ඇත. එය සමස්ත රේගු ආදායමෙන් 9.96%ක ප්රතිශතයකි.














