මූල්‍ය ආරක්ෂාව තහවුරු කිරීම, තින් විරෝධී මූල්‍ය ක්‍රියාකාරකම් සහ නීති විරෝධී මුදල් භාවිතය ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් කරුණු රැස්ස් කිරීම පිළිබඳ මානව ආරක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.
ඒ ජාතික ආරක්ෂාව, එහි සභාපති අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි. මෙහිදී සයිබර් අපරාධ, නීති විරෝධී මාර්ගවල මුදල් හුවමාරු කිරීම් සහ වංචාවන් මැඩලීම සඳහා පොලීසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර, නීති විරෝධී මූල්‍ය සහ අසකුත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමේ පියවර ගෙන ඇති බව නිලධාරීන් සඳහන් කළේය.
එපමණක් නොව, සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව තාක්ෂණික පදනමින් හඳුන්වාදීම සහ කාලයට ක්‍රියාත්මක කළ හැකි මධ්‍යගත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද සාකච්ඡා කර තිබේ.














