මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම, ආහාර සුරක්ෂිතතා පාලනය ශක්තිමත් කිරීම සහ වඩාත් ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න මෙන්ම නම්‍යශීලී කෘෂිකාර්මික ආහාර පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකාව සිය ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය (National Food Safety Policy) නිල වශයෙන් එළිදක්වා තිබේ.
මෙම ප්‍රතිපත්තිය මගින් ආහාර නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා වූ සමස්ත ආහාර සැපයුම් දාමය පුරා විද්‍යාත්මක හා අවදානම් කළමනාකරණය මත පදනම් වූ සම්බන්ධීකරණ ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට උපායමාර්ගික රාමුවක් සපයයි. යුරෝපීය සංගමයේ (EU) BESPA වැඩසටහනේ මූල්‍ය අනුග්‍රහය ඇතිව, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) තාක්ෂණික සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක කෙරේ. මෙරට කෘෂිකාර්මික ආහාර ක්ෂේත්රයේ පවතින අවදානම් හඳුනාගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා පාර්ශවකරුවන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ඒකාබද්ධ ප්‍රවේශයක් ලබාදීමට මෙම නව ප්‍රතිපත්තිය මගින් පියවර ගෙන ඇත.














