ඉන්දියාව සහ බෙල්ජියම අතර පවතින බහුවිධ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ උසස් පෙළේ රාජ්‍ය දූත මණ්ඩලය සිව්දින නිල සංචාරයක් සඳහා නවදිල්ලි නුවර වෙත පැමිණ තිබේ.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ධුරයට පත්වීමෙන් අනතුරුව බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ නිරත වන ප්‍රථම නිල සංචාරය මෙය වන අතර, බෙල්ජියම් ආරක්ෂක අමාත්‍යවරයා ද මෙම සංචාරයට එක්ව සිටියි. නවදිල්ලි ගුවන්තොටුපොළ වෙත පැමිණි බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ඉන්දීය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සංජේ සෙත් මහතා විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. මෙම සංචාරය අතරතුරදී බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි.














