හම්බේගමුව, පලුගහකන්ද රක්ෂිතයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අක්කර 03ක පමණ භූමි ප්‍රදේශයක වගාකර තිබූ රුපියල් ලක්ෂ 41ක් පමණ වටිනා කංසා ගස් 58,640ක ප්‍රමාණයක් භාරයට ගෙන එම ස්ථානයේදීම පුළුස්සා විනාශ කර ඇති බව වාර්තා වේ.
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව ඉකුත් (01) වන දින මෙම වැටලීම සිදු කර ඇති අතර, මෙහි ඉදිරි පරීක්ෂණ කටයුතු හම්බෙගමුව පොලිස් ස්ථානය මඟින් සිදු කරනු ලබයි.
















