ඇමෙරිකා එක්සත් ජනපදය තුළ උපදින දරුවන්ට හිමිවන ස්වයංක්‍රීය පෞරවැසිභාවය (Birthright Citizenship) සීමා කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් ඉදිරිපත් කරන ලද නවතම විධායක නියෝගය බලගැන්වීම වළක්වමින් ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණය විසින් තහනම් නියෝගයක් (Preliminary Injunction) නිකුත් කර තිබේ.
මේරිලන්ඩ් (Maryland) ප්‍රාන්තයේ ෆෙඩරල් විනිසුරු ඩෙබොරා බෝඩ්මන් (Deborah Boardman) මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. මීට පෙර ට්‍රම්ප් පාලන සමයේ ගෙන ආ පළමු නියෝගය ද ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය (US Supreme Court) මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයට පටහැනි බව පවසමින් අහෝසි කර තිබිණි. ඉන් අනතුරුව “සංචාරක වීසා මගින් පැමිණ දරුවන් ප්‍රසූත කිරීම” (Birth Tourism), විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ දරුවන් සහ “විදේශීය සතුරන්” (Alien Enemy) ලෙස වර්ගීකරණය කළ පිරිස් ඉලක්ක කරගනිමින් අගෝස්තු 06 වැනිදා ජනාධිපති ට්‍රම්ප් නව සීමාසහිත නියෝගයක් නිකුත් කරන ලදී. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඇමෙරිකානු පසෙහි උපදින දරුවන්ගේ අයිතිය තහවුරු කර ඇති බැවින් මෙම නව නියෝගය ද ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කළ විනිසුරුවරිය, රාජ්‍ය දෙපාර්තමේන්තුව (Department of State) සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Homeland Security) ඇතුළු ආයතනවලට අදාළ දරුවන්ගේ පෞරවැසිභාවය අහෝසි කිරීම වළක්වමින් තහනම් නියෝගයක් පනවා ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















