මුදල් වංචා සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල්ගේ වැඩිමහල් පුත්‍රයා සැප්තැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මුදල් වංචාවක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (03) දිනයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.














