අද (03) දින වෙළඳපොළ කටයුතු අවසානයේදී කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) පැහැදිලි වර්ධනයක් වාර්තා කර තිබේ.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 69.47කින් (0.33%) ඉහළ යමින් දිනය නිමා වන විට ලකුණු 21,395.11ක් ලෙස සටහන් විය. එමෙන්ම, අද දින වෙළඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ.














