ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථාන 100ක පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ ”සිහින ගමනාන්තය” (Dream Destination) වැඩසටහන යටතේ අරලිය සමූහ ව්‍යාපාරයේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් මිලියන 35ක වියදමින් නවීකරණය කරන ලද පොළොන්නරුව දුම්රිය ස්ථානය යළි ජනතා පරිහරණයට පවරා දීම අද (3) සිදු කර තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ යටතේ පැරණි ගොඩනැගිල්ල නවීකරණය කරමින් විවේකාගාර, දුම්රිය භාණ්ඩ ගබඩාව, පූජ්‍ය පක්ෂය සඳහා වන පහසුකම් මෙන්ම පුරුෂ සහ කාන්තා විවේකාගාර ආදී නවීන අංගයන්ගෙන් සමන්විතව මෙය සංවර්ධනය කර ඇත.














