ඉන්දුනීසියානු රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන නොමිලේ පාසල් ආහාර ලබාදීමේ වැඩසටහන (Free Nutritious Meals) යටතේ ලබාදුන් ආහාර අනුභව කිරීමෙන් සතියක් ඇතුළත සිසුන් සහ ගුරුවරුන් 1,700කට වැඩි පිරිසක් උග්‍ර ලෙස ආහාර විසවීමෙන් (Food Poisoning) රෝගී වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍යම ජාවා (Central Java) හි ලාසෙම් (Lasem) ප්‍රදේශයේ පිහිටි ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසලක සිසුන් 752ක් සහ ගුරුවරුන් 25දෙනෙකු බඩපාර සහ වමනය යන රෝග ලක්ෂණ සහිතව රෝගී වී ඇති අතර, මීට අමතරව නැගෙනහිර ජාවා සහ බටහිර සුමාත්‍රා ප්‍රදේශවලින් ද තවත් පුද්ගලයන් 950දෙනෙකුට ආසන්න පිරිසක් රෝගී වී තිබේ. ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ (Prabowo Subianto) විසින් ළමුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක දැවැන්ත පිරිවැයකින් ඇරඹූ මෙම ව්‍යාපෘතිය, ප්‍රමිතියෙන් තොර පිසූ ආහාර කල්තියා සූදානම් කර තැබීම, දුර්වල ගබඩා පහසුකම් සහ දූෂණ චෝදනා නිසා මේ වන විට දැඩි ආන්දෝලනයට ලක්ව ඇත. සැප්තැම්බර් 01 වැනිදා වන විට මෙම වැඩසටහන නිසා ආහාර විසවීම්වලට ලක්වූ මුළු සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති බව පාර්ලිමේන්තු වාර්තා පෙන්වා දෙයි.














