2026 වසරේ පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින්, 2027 අධ්‍යයන වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම ක්‍රියාවලිය පාසල් විදුහල්පතිවරුන් මාර්ගයෙන් සිදු කිරීමට නියමිත අතර, අයදුම්පත් කැඳවනු ලබන නිශ්චිත දින වකවානු, උපදෙස් මාලාව සහ ඊට අදාළ චක්‍රලේඛ ඉදිරියේදී නිල වශයෙන් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.















