අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පැවති විනිශ්චයකාර ධුරයක් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙස කටයුතු කළ සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය (Sajeevani Dilka Lakmali Karunanayake) අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම් දුන්නාය.
ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය.
















