ගොවි ජනතාව මුහුණ දී සිටින බරපතල ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ සංවාදයට පිවිසීමට වත්මන් රජය දැඩි බියකින් පසු වන බවත්, ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩිමුරය අනුරාධපුරයෙන් පත්තු වන බවත් සමන්ප්රිය හේරත් මහතා ප්රකාශ කර තිබේ.
ගොවි ප්රශ්න විසඳීමට රජය අපොහොසත් වීම හේතුවෙන් දිවයින පුරා කෘෂිකාර්මික ප්රජාව අතර මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවත්, එම අසතුට ඉදිරියේදී ආණ්ඩුවට එරෙහි පුළුල් ජනතා අරගලයක් බවට පත්වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
















