ලංකාවේ ස්පා තහනම් නම් එකපාරටම නියෝගයක් නිකුත් කර ඒවා වසා නොදමා, අහිංසක කෙල්ලන්ව අත්අඩංගුවට ගෙන ‘ගණිකාවන්’ කියා රිමාන්ඩ් කරමින් පොලිසිය මෙලෙස ලබන්නේ කාලකණ්ණි සතුටක් බව ලංකා ස්පා සංගමයේ හිටපු සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා දැඩි ලෙස චෝදනා කරයි.
පොලිසියේ OIC මහත්වරුන්ට ‘SPA’ කියන අකුරු තුනේ තේරුමවත් නොදන්නා බවත්, 2019 සිට ස්පා ආයතන සඳහා වෛද්‍යවරුන් අවශ්‍ය නොවන බවට නීතියේ ප්‍රතිපාදන තියෙද්දීත් “කෝ දොස්තරලා?” කියා අසන තරමට පොලිසිය නොදැනුවත් බවත් හෙතෙම පැවසීය. නීතිය ගැන කිසිදු දැනුමක් නැතුව අහිංසක සේවිකාවන්ගේ ජීවිත විනාශ කරමින් සිදුකරන මෙවැනි අත්තනෝමතික ක්‍රියාමාර්ග වහාම නැවැත්විය යුතු බව ස්පා සංගමය අවධාරණය කරයි.
















