මෙම පිරිසිදු ජනතා ව්‍යාපාරය හරහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී කෙසේ වෙතත්, මහපාරේදී පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන දැවැන්ත මහජන මෙහෙයුම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබේ.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනතාව එකමුතු වී මෙම අසාධාරණ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාරට බැස සටන් වදින බවත්, එම ජනතා බලය හමුවේ රජයේ උත්සාහය පරාජයට පත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














