පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 06ක පුද්ගලයන් 96,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ක පවුල් 29,584කට අයත් පුද්ගලයන් 94,356 දෙනෙකු මේ වන විට මෙම තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බව සඳහන් වේ. මෙහිදී වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර, එහි පවුල් 11,751ක් පීඩාවට පත්ව ඇත. කෙසේ වෙතත්, පීඩාවට පත් ජනතාව වෙත පානීය ජලය බෙදාහැරීමේ වැඩසටහන් අදාළ ප්‍රදේශවල මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.














