ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව පැවති තරගයකදී වාර්තාගත ශතකයක් රැස් කළ ඉන්දීය ආරම්භක පිතිකාරිනී ස්මෘති මන්දනා, සිය විශිෂ්ට ඉනිම සිය පවුල වෙනුවෙන් කැප කරන බව ප්‍රකාශ කර තිබේ.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ‘A’ කාණ්ඩයේ මෙම තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මන්දනා, පන්දු 64කදී වේගවත් ලකුණු 124ක් රැස් කරමින් ඉන්දියාවට ලකුණු 137ක දැවැන්ත ජයක් අත්කර දීමට පුරෝගාමී වූවාය.














