මෙම වසරේ මුල් මාස හයක කාලය තුළ වාහන 316,000ක් මෙරටට ආනයනය කර ඇති අතර, ඒ හරහා රුපියල් කෝටි 51,255කට ආසන්න බදු ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව වෙත දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී මේ බව අනාවරණය විය.
රේගුව වෙත ලැබුණු වැඩිම බදු ආදායම මෝටර් රථ ආනයනයෙන් වාර්තා වී ඇති අතර, එම අගය රුපියල් කෝටි 38,672කි. ඉන් ප්‍රමුඛස්ථානය හිමිව ඇත්තේ එන්ජින් ධාරිතාව සෙන්ටිමීටර් කියුබ් 1000ට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වන අතර, එයින් රුපියල් කෝටි 13,700කට අධික ආදායමක් (සමස්ත රේගු ආදායමෙන් 9.96%) ලැබී ඇත. 2026 ජූනි 30 වන විට අපේක්ෂිත ආදායම රුපියල් කෝටි 1,06,055ක් වුවද, රේගුව රුපියල් කෝටි 1,37,908ක සමස්ත ආදායමක් උපයා තිබීම 130ක ප්‍රගතියක් ලෙස නිලධාරීහු පෙන්වා දුන්හ.















