ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට දැඩි අකුණු ඇතිවීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (04) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 10ක් සඳහා මෙම රතු නිවේදනය නිකුත් කර ඇති අතර, තවත් දිස්ත්‍රික්ක 15ක් සඳහා කහ නිවේදනය නිකුත් කර ඇත. අදාළ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















