මාතර, පොල්හේන වෙරළබඩ පිහිටි සංචාරක අවන්හලක පැවැති ඩී.ජේ. (DJ) සහ ෆේස්බුක් සාදයක් අතරතුර සිදුකළ වැටලීමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 50ත් 75ත් අතර වටිනාකමකින් යුත් මත්පැන් තොගයක් දීපව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ අවන්හල බියර් විකිණීම සඳහා පමණක් බලපත්‍ර ලබාගෙන තිබුණද, සුරාබදු බලපත්‍ර කොන්දේසි දැඩි ලෙස කඩකරමින් දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. එහිදී රුපියල් 5,000 සිට 60,000 දක්වා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන විවිධ මත්පැන් වර්ග සොයාගෙන තිබෙන අතර, මේ වන විට අදාළ අවන්හලට සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ. අවන්හලේ හිමිකරු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතා පවසා ඇත.
















