පොළොන්නරුව පරාක්රම සමුද්රයේ ජල ධාරිතාව අක්කර අඩි 66,000ක් දක්වා පහත බැසීමත් සමඟ, මහා පරාක්රමබාහු රජතුමා ග්රීෂ්ම කාලයේදී වාසය කළ බවට සැලකෙන ඓතිහාසික සීතා මාලිගය යළි මතුවී තිබේ.
වසරේ වැඩි කාලයක් ජලයෙන් යටවී පවතින මෙම ඓතිහාසික ස්ථානය ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් මෙලෙස දර්ශනය වුවද, එය තවමත් සම්පූර්ණයෙන්ම ජලයෙන් නිරාවරණය වී නොමැති බැවින් එම ස්ථානය වෙත පහසුවෙන් ළඟාවීමට හැකියාවක් නොමැත. පරාක්රම සමුද්රයේ ජල මට්ටම ඉදිරියේදී තවදුරටත් පහළ බැසීමෙන් අනතුරුව දෙස් විදෙස් සංචාරකයින්ට මෙම ඓතිහාසික ස්ථානය නැරඹීමට අවස්ථාව උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















