අපරාධ සහ මත්ද්රව්ය ජාවාරම්වලට සම්බන්ධ වන පොලිස් නිලධාරීන් තරාතිරම නොබලා සේවයෙන් පහ කරන බව පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා ප්රකාශ කර තිබේ. නීතිය ක්රියාත්මක කරන ආයතන තුළ එවැනි නිලධාරීන් සිටිය නොහැකි බව අවධාරණය කළ ඒ මහතා, සංවිධානාත්මක අපරාධකරුවන් බන්ධනාගාරගතව සිටිමින් පිටත අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බවත්, බුද්ධි අංශ තොරතුරු අධීක්ෂණය කරමින් අපරාධ ජාල හඳුනාගෙන මෙහෙයුම් ක්රියාත්මක කරන බවත් සඳහන් කළේය.
විශේෂයෙන්ම පාසල් දරුවන් මත්ද්රව්යවලින් ගලවා ගැනීම සහ පාසල් තුළ මත්ද්රව්ය හඳුනා ගැනීම සඳහා පුහුණු කළ පොලිස් නිල සුනඛයන් සහ අවශ්ය ඕනෑම අවස්ථාවක පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස්පතිවරයා පැවසීය. මීට අමතරව, මත්ද්රව්ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම සහ සැපයුම පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ‘රටම එකට’ ව්යාපෘතිය යටතේ ප්රධාන කමිටු පහක් පිහිටුවා ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
















