වියළි කාලගුණික තත්ත්වයක් පවතින ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 36 තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ
ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 කට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද වැඩිදුරටත් වාර්තා වේ.














