දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මූලිකත්වයෙන්, ජොහැන්නස්බර්ග්හි රෝස්බෑන්ක් ඉරිදා වෙළඳපළේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පවත්වා තිබේ
මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව පසුගිය අගෝස්තු 30 වන දින මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්, ස්වභාවික සෞන්දර්යය, වනජීවී සම්පත්, ආහාර රටාව සහ විවිධ සංචාරක අත්දැකීම් ජාත්‍යන්තර ප්‍රේක්ෂක පිරිසක් වෙත ප්‍රදර්ශනය කර ඇත. මෙම අවස්ථාව සඳහා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව, දකුණු අප්‍රිකානු ව්‍යාපාරිකයන් සහ එරට වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාව එක්ව සිටි අතර, පැමිණ සිටි පිරිස ශ්‍රී ලංකාවට සංචාරය කිරීම සඳහා දැඩි උනන්දුවක් දැක්වූහ. දකුණු අප්‍රිකාව තුළ ශ්‍රී ලංකාව ප්රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම සඳහා ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන බව මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.














