ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය සහ ඩිජිටල් ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම වෙනුවෙන් ආචාර්ය කෞශල්‍යා අරියරත්න මහත්මිය සහ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් මෛත්‍රෙයි කුල්කර්ණි මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබේ
මෙම හමුවේදී ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් උදෙසා විශේෂ ශක්‍යතා සංවර්ධන වැඩමුළු හා අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන් ලබාදීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇති අතර, ඊට අමතරව දැනට ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් තහවුරු කර ගැනීමට මෙමඟින් විශාල පිටුබලයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














