චීනය විසින් සිය දේශසීමා හරහා සිදුවන ජන සංක්‍රමණ පාලනය කිරීම සඳහා ලබන සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නව නීති මාලාවක් හඳුන්වා දීමට සූදානම් වීමත් සමඟ, චීනයේ සංචාරය කරන සිය පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තායිවාන රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව, චීනයේ සංචාරය කරන තායිවාන කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අමතර පියවර ගන්නා ලෙස තායිවාන සංචාරක ආයතන වෙත උපදෙස් දී ඇත. තවද, චීනය, හොංකොං සහ මැකාවු යන කලාපවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන සියලුම තායිවාන ජාතිකයන්ට, රජයේ නිල පද්ධතිය (Government System) හරහා තමන්ගේ සංචාරක තොරතුරු අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන ලෙස ද තායිවාන බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙයි.














