බෙංගාල ක්‍රිකට් සංගමය (Bengal Cricket Association) විසින් සිදුකරන ලද ලේඛන පරික්ෂාවකදී වයස සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව තහවුරු වීම හේතුවෙන් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පිටදඟ පන්දු යවන ක්‍රීඩක රෝහිත් යාදව්ට (Rohit Yadav) වසර දෙකක තරග තහනමක් පැනවීමට පියවර ගෙන තිබේ.
විමර්ශනවලදී හෙළිවී ඇත්තේ රෝහිත් යාදව්ගේ නිල ලේඛනවල සඳහන් වයස සහ ඔහුගේ සැබෑ වයස අතර මාස 27ක වෙනසක් පවතින බවයි. ඉකුත් ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වූ ඉන්දීය 19න් පහළ සංචිතයට ද ඇතුළත්ව සිටි ඔහුව, ඉදිරියේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත සිමිත ඕවර සහ ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයෙන් ද ඉවත් කර ඇත. මීට අමතරව සිදුකළ විමර්ශනවලදී තවත් ක්‍රීඩකයන් 65 දෙනෙකුගේ වයස් සීමා සම්බන්ධයෙන් අක්‍රමිකතා හෙළිවී ඇති අතර, ඒ අතර 2022 වසරේ 19න් පහළ ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ රවි කුමාර් ද (Ravi Kumar) සිටින බව සඳහන් වේ.














