ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය (UNP) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ, එළඹෙන සැප්තැම්බර් 12 වනදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීම මෙම අත්අඩංගුවට ගැනීමේ ප්‍රධාන අරමුණ බවයි. ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක මහතාට රට පුරා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්රජාතන්ත්රවාදී අයිතිය නාමල් රාජපක්ෂ මහතාට ද හිමිවිය යුතු බව පෙන්වා දෙන එජාපය, ආණ්ඩුවේ මෙවැනි පටු දේශපාලන ක්‍රියාමාර්ග Gen Z පරපුර ඇතුළු ශිෂ්ට සම්පන්න සමාජය දැඩි හිරිකිතයකින් යුතුව පිළිකුල් කරන බව ද වැඩිදුරටත් අවධාරණය කරයි.














