දුම්රියක හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, පාදුක්ක සහ අවිස්සාවේල්ල අතර කොටසේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඇතිවී තිබෙන කාර්මික දෝෂය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරමින් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික පියවර මේ වන විටත් ගනිමින් පවතින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.














