අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුවන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක අද (සැප්තැම්බර් 04) රාත්‍රී 8.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව අද රාත්‍රී 11.30 දක්වා දීර්ඝ කළ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනය කරයි.
ඒ අනුව නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවීම බලපානු ඇත. මීට අමතරව සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවා තිබේ. ජල සැපයුම අත්හිටුවීමේ කාලසීමාව දීර්ඝ වීම හේතුවෙන් සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළකරන ජලසම්පාදන මණ්ඩලය, ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.














