දේශීය නිෂ්පාදිත ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් (Maximum Retail Price) නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20 (5) වැනි වගන්තිය යටතේ බලතල ප්රකාරව මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව, කිසිදු දේශීය ටින් මාළු නිෂ්පාදකයෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් ගැසට් නිවේදනයේ සඳහන් කර ඇති නියමිත උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට දේශීය ටින් මාළු අලෙවි කිරීම, අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්රදර්ශනය කිරීම තහනම් වේ. මෙම නව පාලන මිල නියෝගය 2026 සැප්තැම්බර් මස 05 වනදා සිට සමස්ත දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ක්රියාත්මක කෙරේ.














