ජාතික ජන බලවේගයේ ජන හමු මාලාවේ තිස්සමහාරාම ගෝණගමුව කොට්ඨාසයේ ජන හමුව පසුගිය 04 වන දින නිහාල් ගැලප්පත්ති මහතාගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වා තිබේ
වත්මන් රජය මගින් රට තුළ ක්‍රියාත්මක කරගෙන යන ජනහිතකාමී වැඩපිළිවෙළවල් සහ සංවර්ධන කටයුතු පිළිබඳව මෙන්ම, විපක්ෂය විසින් සමාජගත කිරීමට උත්සාහ දරන වැරදි මත සහ අසත්‍ය ප්‍රචාර නිවැරදි කරමින් ජනතාව දැනුවත් කිරීම මෙහිදී සිදු කර ඇත. ප්‍රාදේශීය මට්ටමින් මතුව ඇති ගැටලු සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.













