පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිට්වා ආපදාවෙන් පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් හල්මිල්ලගොල්ලෑව වත්තේ ඉදිකෙරෙන නව නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට පසුගිය 02 වන දින චන්දන අබේරත්න මහතා එක්ව තිබේ.
මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ සාලියවැව, මූණමල්ගස්වැව සහ පහළ පුලියම්කුලම යන ග්‍රාම සේවා වසම්වල දිට්වා ආපදාවට ලක්ව පූර්ණ නිවාස හානි වූ පවුල් 49 ක් සඳහා රුපියල් ලක්ෂ 50 ක් වටිනා නිවසක් බැගින් ඉදිවන අතර, එම ප්‍රතිලාභීන්ට පර්චස් 20 බැගින් වූ ඉඩම් කොටස්වල අයිතියද හිමිවේ. යහපත් මූල්‍ය විනයක් පවත්වා ගනිමින් පසුගිය වසර තුළ රුපියල් කෝටි ලක්ෂයක මුදලක් භාණ්ඩාගාරයට එකතු කර ගැනීමට රජයට හැකි වූ බවත්, අද වන විට ජනතාවගේ යහපත උදෙසා වෙන් කරනු ලබන්නේ එලෙස උපයාගත් ධනය බවත් මෙහිදී පෙන්වා දී ඇත. රටක් ලෙස මුහුණ දුන් දරුණුතම ස්වභාවික ආපදාව වූ ‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදවා ගැනීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වූ බව අවධාරණය කළ අතර, මෙම අවස්ථාව සඳහා කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් නවරත්න සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.













