ඉන්දියානු රජයේ සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගයෙන් ඉදිකළ “සුහදගම” ආදර්ශ නිවාස ව්‍යාපෘතිය 2026.09.04 දින පොළොන්නරුව, මැදිරිගිරිය, තලකොලවැව ග්‍රාමයේදී ජනතා අයිතියට පත් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභී පවුල් 24ක් සඳහා නව නිවාස 24ක් ඉදිකර ඇති අතර, ඒ සඳහා වැය කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 36.52කි. මෙහිදී ඉන්දියානු රජය විසින් රුපියල් මිලියන 12ක මූල්‍ය දායකත්වයක් ලබා දී ඇති අතර, ඉතිරි මුදල ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන සහ ප්‍රජා දායකත්වය මත සපයා ගනිමින් ව්‍යාපෘතිය අවසන් කර ඇත. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්මසිරි බණ්ඩාර සහ සුනිල් රත්නසිරි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.













