ඇමරිකානු ෆෙඩරල් සමුද්‍රීය කොමිෂන් සභාවේ (FMC) සභාපති ලෝරා ඩිබෙල්ලා (Laura DiBella) සහ කොමසාරිස් රොබර්ට් ජේ. හාවි (Robert J. Harvey) යන මහත්ම මහත්මීන් ඉන්දු-පැසිෆික් කලාපයේ සමුද්‍රීය වෙළඳාම, ආයෝජන සහ නැව්ගත කිරීමේ ජාලයන් පුළුල් කර ගැනීම අරමුණු කරගනිමින් සැප්තැම්බර් 6 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා රජයේ සහ සමුද්‍රීය අංශයේ ජ්‍යෙෂ්ඨ නායකයින් හමුවීමට නියමිතව ඇති අතර, සභාපති ලෝරා ඩිබෙල්ලා මහත්මිය 8 වැනි කොළඹ ජාත්‍යන්තර සමුද්‍රීය සහ ලොජිස්ටික් සමුළුවේදී (8th Colombo International Maritime and Logistics Conference) විශේෂ දේශනයක් පැවැත්වීමටත්, කොමසාරිස් රොබර්ට් ජේ. හාවි මහතා එහි සාකච්ඡා මණ්ඩපයකට (panel) එක්වීමටත් නියමිතය. කොළඹ හරහා ගමන් කරන קන්ටේනර් වලින් 80% කට අධික ප්‍රමාණයක් ලෝකයේ අනෙකුත් ගමනාන්ත වෙත ළඟා වීම ශ්‍රී ලංකාව ඉන්දීය සාගර නැව්ගත කිරීමේ මර්ස්ථානයක් ලෙස ඉටු කරන වැදගත් කාර්යභාරය මනාව පෙන්නුම් කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මේයර් (Eric Meyer) මහතා පවසා ඇත.














