මහ කන්නයේ වගා කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ලබන 08 වන දින අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කර ඇති අතර, ලබන 08 වන දින පවත්වන සාකච්ඡාවේදී ගන්නා තීරණ මත පදනම්ව, ලබන 18 වන දින සියලු පාර්ශ්ව සහභාගි කර ගනිමින් මහ කන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණ ගන්නා බවද පවසා ඇත. වී වගාව මෙන්ම අනෙකුත් භෝග වගාවන් සිදුකිරීම සහ ඒ සඳහා ජලය ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙන අතර, එම සාකච්ඡාව සඳහා කාලගුණික අංශ ද සහභාගි කර ගැනීමට නියමිතය.














