ශ්රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්රකාශයට පත් කර තිබේ.
2025 ඔක්තෝබර් සිට 2026 ජූලි දක්වා කාලය ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වාර්තාව මගින් ශ්රී ලංකා රජය ලබා දී ඇති පොරොන්දු සහ වත්මන් ප්රගතිය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත. වත්මන් රජය බලයට පත්වීමේදී මානව හිමිකම් සුරැකීමට සහ ආයතනික ප්රතිසංස්කරණ සිදු කිරීමට ලබා දුන් පොරොන්දු සම්බන්ධයෙන් යම් ප්රගතියක් පෙන්නුම් කළද, ත්රස්තවාදය වැළැක්වීමේ පනත තවදුරටත් භාවිත වීම සහ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මහ කොමසාරිස් වොල්කර් ටූර්ක් මහතා කනස්සල්ල පළ කර තිබේ. එසේම, උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදාව භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම වේගවත් කිරීම, ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම ඇතුළු ප්රධාන නිර්දේශ කිහිපයක්ද මෙම වාර්තාව මගින් රජයට ඉදිරිපත් කර ඇත.














