මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේම ප්‍රථමයා වීමට සමත් වූ කුරුණෑගල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දනෝජ් තීක්ෂණ පුතනුවන් සහ ඔහුගේ දෙමාපියන් හමුවී ඔහුගේ ඉදිරි අධ්‍යාපනික කටයුතු සඳහා ආශීර්වාද කරමින් ශිෂ්‍යත්වයක් ලබාදීම සිදු කර තිබේ.
පාසල් පැමිණීමේදී වන අලින්ගෙන් බේරී ඒම ඇතුළු දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දුන් බව ඔහුගේ දෙමාපියන් ප්‍රකාශ කර ඇති අතර, එම කිසිදු අඩුපාඩුවක් හෝ දුෂ්කරතාවක් තම ගමනට බාධාවක් කර නොගත් දරුවෙකු ලෙස ඔහු රටම ජයග්‍රහණය කර ඇති බව සඳහන් වේ.














