ඉන්දීය ඩිජිටල් මුදල් හුවමාරු සහ යූපීඅයි වෙළඳපොළ ඉලක්ක කරගනිමින්, ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදුමක් වන වට්ස්ඇප් (WhatsApp) ආයතනය විසින් සිය වේදිකාව තුළ සෘජුවම බිල්පත් ගෙවීමේ නව පහසුකමක් හඳුන්වා දී තිබේ.
මෙමඟින් පරිශීලකයන්ට වෙනත් යෙදුම් වෙත යෑමෙන් තොරව, යෙදුම තුළම සිට දෛනික උපයෝගීතා සහ ගෘහස්ථ බිල්පත් පහසුවෙන් පියවා ගැනීමේ හැකියාව ලැබී ඇති අතර, මෙම නව සේවාව ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ භාරත් කනෙක්ට් ජාලය සමඟ සම්බන්ධ වෙමිනි. ඒ හරහා විදුලිය, ජලය, ගෑස්, ෆාස්ටැග්, රක්ෂණ ගෙවීම් සහ ණය වාරික ගෙවීම් ඇතුළු කාණ්ඩ 30ක් යටතේ ඇති බිල්පත් සපයන්නන් 22,700කට අධික සංඛ්‍යාවක සේවාවන් ලබා ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව සැලසී ඇත. පණිවිඩයක් යැවීම තරම්ම පහසුවෙන් ගෘහස්ථ බිල්පත් ගෙවීම් කටයුතු ඉන්දීය ජනතාවට සමීප කිරීම මෙමඟින් අපේක්ෂා කරන බව මෙටා ඉන්දියා ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ සහ එරට ප්‍රධානී අරුන් ශ්‍රීනිවාස් සඳහන් කර ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ ඇන්ඩ්‍රොයිඩ් සහ අයි. ඕ. එස්. මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් සියලු දෙනා වෙත මෙම පහසුකම ක්‍රමයෙන් පුළුල් කිරීමට නියමිතය.














