බිඳවැටීමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසා තිබේ.
ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ මේ වන විටත් 2026 සහ 2027 වසර සඳහා අවශ්‍ය ගල්අඟුරු ගෙන ඒමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. ගල්අඟුරු හිඟවීමක් හේතුවෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවන බවට සමාජ මාධ්‍ය හා විවිධ පාර්ශ්ව විසින් පවසන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු අවධාරණය කර ඇත.














