අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන පරිදි ලෝක සිතියම සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ටෝගෝ රාජ්‍යය විසින් ‘කරෙක්ට් ද මැප්’ ලෙස නම් කර ඇති මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් ඇතුළු රටවල් 164ක සහයෝගයෙන් එය සම්මත වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර, ඊට විරුද්ධව ඡන්දය ලබා දී ඇත්තේ අමෙරිකාව පමණක් වන අතර රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. අප්‍රිකානු මහාද්වීපය ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් පමණ විශාල වුවද, මර්කේටර් සිතියම් ආකෘතියෙහි එහි සැබෑ විශාලත්වය නිවැරදිව නිරූපණය නොවන බව විශේෂඥයින් පෙන්වා දී තිබේ.














