දේශපාලනඥයින්ගේ නීතිවිරෝධී ඉල්ලීම්වලට එරෙහි වෙමින් කහල්ල පල්ලෙකැලේ අභයභූමිය සහ වන සම්පත ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන්, තමන්ට හිමි වූ අනීතික ස්ථානමාරුව සහ ඊට එරෙහිව කළ අභියාචනය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිෂ්ප්‍රභ කිරීම හමුවේ අවංක රාජ්‍ය සේවකයෙකු දැඩි කලකිරීමකින් යුතුව සිය අදහස් එළිදක්වා තිබේ.
වනජීවී සම්පත් සහ ස්වභාවික අභයභූමි ආරක්ෂා කිරීමට කැපවන නිලධාරීන්ට දේශපාලන බලවතුන්ගෙන් මෙවැනි අසාධාරණ පීඩාවන්ට මුහුණ දීමට සිදුවීම රටේ නීතියේ සහ යුක්තියේ ආධිපත්‍යය පිළිබඳ බරපතල ගැටලු මතු කර තිබේ.













